Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහජන පීඩාවක් හෝ මාර්ග අවහිරයක් සිදු නොකරන්න – අධිකරණයෙන් නියෝගක්  

Add comments

මහජන පීඩාවක් හෝ මාර්ග අවහිරවීමක් සිදු නොවන ලෙස උද්ඝෝෂණ පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සංවිධායකයින් වෙත අධිකරණය නියෝග කළා.

බොරැල්ල පොලීසිය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගය නිකුත් කළේ. උද්ඝෝෂකයින්ට රජයේ දේපළවලට ඇතුළුවීම වළකාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මහජන පීඩාවක් හෝ මාර්ග අවහිරවීමක් සිදු නොවන ලෙස කටයුතු කරන්නැයි ද නියෝගයට ඇතුළත්.

මේ අතර කොළඹ සහ අවට ප්‍රදේශවල කිසිදු කලහකාරී තත්ත්වයක් ඇති නොවන ලෙස උපරිම ආරක්ෂාවක් යොදවන්නැයි පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10 ක් ද රථවාහන රාජකාරී සදහා පොලීස් නිලධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක්  ද යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG