යේමනයේ සටන් වදින සෞදි නායකත්වයෙන් යුත් හමුදා සභාගයක් සදහා ආධාර ඉවත් කර ගැනීමට ඇමෙරිකා සෙනෙට් සභාව පියවර ගෙන තිබෙනවා.
මෙම සිදුවීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පහරක් වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඇමෙරිකාවේ සහාය අවසන් කිරීම පිළිබද යෝජනාව ඉදිරියට ගෙන යාම සදහා සෙනෙට් සභාවට පක්ෂව ඡන්ද 63 ක් සහ විපක්ෂව ඡන්ද 37 ක් ලැබී තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැතිස් මෙම මෝසම නැවතත් නොගන්න ලෙස සෙනෙට් සභිකයන්ට පවසා තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ ඉන් යේමනයේ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවයි. මෙලෙස සෙනෙට් සභාවේ ඡන්දයක් පැවැත්වුණේ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සෞදි අරාබියට චෝදනා එල්ල වීමත් සමගයි.
Post a Comment