සාමාන්‍ය පෙළ විභාගය සදහා මෙවර බන්ධනාගාර රැදවුූවන් 12 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
වැලිකඩ බන්ධනාගාරයෙන් 11 දෙනෙකු එම පිරිසට ඇතුලත්. කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් ද එක් අයෙකු විභාගයට පෙනී සිටිමටයි නියමිත. ඔවුන් වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථානයක් කොලඹ මැගසින් බන්ධනාගාරය තුළ ස්ථාපනයට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 3 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමටයි නියමිත. ඒ මධ්‍යස්ථාන 4661 කදී. අයදුම්කරුවන් හයලක්ෂ පනස්හය දහස් හයසිය හතලිස් එක් දෙනෙක් ඊට ඉදිරිපත්ව සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළේ.
Post a Comment