ජෝර්ජියා ජනාධිපති ධුරයට පලමුවරට කාන්තාවක් තේරීපත්වුණා. සාලෝම් සුරබිස්විලි නැමැති ඇයගේ වයස අවුරුදු 66 ක්.
ප්‍රංශ විදේශ සේවයක කටයුතු කළ ඇය 2003 වසරේදි තානාපතිවරියක ලෙස ද කටයුතු කර තිබෙනවා. ඡන්ද විමසීමේදී සියයට 59 ක ප්‍රතිශතයකින් සාලෝම් ජයග්‍රහණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රතිවාදී අපේක්ෂකයා වන ග්‍රිගෝල් වසාඩ් ට හිමිවූ ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 40 ක්. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනතාව අමතමින් ඇය සදහන් කර ඇත්තේ රුසියාව සහ බටහිර ජාතින් සමග සබදතා ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.
Post a Comment