එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙකු පත් කිරීමට උත්සාහ දරන දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලයේ දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුකර නැති බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
(දෙමළ ජාතික සන්ධානය කියනවා එයාලා තමයි යහපාලන රජය ගෙනාවේ කියලා. නමුත් උතුරු පළාත් සභාවේ කාලය අවසන් වෙලා දැන් මාස කිහිපයක් වෙනවා. නමුත් ඡන්දයක් තියන්න කියලා ඔවුන් කියන්නේ නැහැ. පසුගිය කාලය පුරාම ඔවුන් ක්‍රියා කළේ ඒ ආකාරයටයි. නමුත් මේ ආණ්ඩුව පිහිටුවලා මාසයක් තුළ අපේ ජනතාව මුහුණ දෙන ගැටලු විසදීමට අදාළව කැබිනට් පත්‍රිකා 10ක් මේ වන විට අනුමත කරලා තියෙනවා. යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවට නිවාස දෙන්න වැඩසටහනකුත් ආරම්භ කළා. දැනට උතුරු නැගෙනහිර ප්‍ර දේශවල නිවාස එක්ලක්ෂ දස දහසක අවශ්‍යතාවක් තිබෙනවා. එම නිවාස ලබා දීම අපි දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ හවුල්කරුවෙක් විදියට හිටපු දෙමළ ජාතික සන්ධානය පහුගිය කාලේ මොනවද කළේ. මේ පක්ෂ දෙකම ජනතාව රැවැට්ටුවා.)
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතා ද මඩකලපුවේ පැවති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළකලා.
(සුළු ජන කොටස් පිළිගත්ත ජනාධිපතිකෙනෙක් තමයි දැන් බලයේ ඉන්නේ. ඒ වගේම දකුණේ බහුතර ජනතාව කැමැත්ත දක්වන නායකයෙක් අගමැති වෙලා ඉන්නවා. ඒ එකතුවීම තමයි අපේ ප්‍රශ්න විසදගන්න පුළුවන් හොදම අවස්ථාව)
Post a Comment