රැකියා විරහිත උපාධිකාරීන් 20,000කට ඉදිරි අයවැයෙන්, මේ වසරේ දී රැකියා ලබාදීමට කටයුතු කරන බව රජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථවර නියෝග 27(2) යටතේ රැකියා විරහිත උපාධිධරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන්නේ දැයි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
රැකියා විරහිත උපාධිධාරීන්ට අදියරෙන් අදියර රැකිය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, දේශපාලන කුමන්ත්‍රණය නිසා මේ කටයුතු අඩාල වූ බව කීය.
රජයක් හැටියට රැකියා ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා,අදියරෙන් අදියර උපාධියට සරිලන පරිදි සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා රැකියා ගත කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
Post a Comment