Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුවේටිහිදී මරණයට පත් වූ ශ්‍යාමලී වෙනුවෙන් වන්දි මුදලක්  

Add comments

කුවේටිහි සේවය කරමින් සිටියදී මරණයට පත් වූ කුරුණෑගල අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍යාමලී රම්‍යා කුමාරි මහත්මිය වෙනුවෙන් රුපියල් 18 ලක්ෂයට අධික වන්දි මුදලක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ශ්‍යාමලී රම්‍යා කුමාරි මහත්මිය කුවේට් හි සේවය කරමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම හේතුවෙන්  ඇය වෙනුවෙන් රුපියල් ලක්ෂ දහඅටකට වැඩි වන්දි මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඉන් විදේශීය රක්ෂණ අරමුදල යටතේ රුපියල් එකොළස් ලක්ෂ පනස් එක්දහස් නවසිය හැටදෙකයි සත විසිඑකක මුදලක් ඇගේ යැපෙන්නන් වෙත අද(06)දිනයේදී ලබාදුන්නා. ඇයට හිමි රුපියල් එක්ලක්ෂ පනස් දහසක වැටුප් මුදල් හා රුපියල් ලක්ෂ 5 ක රක්ෂණ වන්දිය ද ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG