ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මෙම වසරේ සමාරම්භක උත්සවය අරලියගහමන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අමාත්‍ය මංගල සමරවීම මහතාගේ ප්‍රධානත්වයෙන්.
සමස්ත ව්‍යාපෘතියට නව මුහුණුවරක් ලබා දිම අරමුණ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. ක්ෂේත්‍ර ගණනාවක් වෙත පොළී රහිත, අවම පොළි සහ සහනදායී ණය යෝජනා ක්‍රම මේ යටතේ ක්‍රියාත්මක වනවා. පසුගිය වසරේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන දෙසියක මුදලක් වෙන් කෙරුණා. එය මේ වසරේදී තවත් වැඩිකිරිම රජයේ අපේක්ෂාවයි. පසුගිය වසරේ ආරම්භ කළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ තුළින් ව්‍යාපෘතිය යටතේ ක්ෂේත්‍ර 12 ක සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් මිලියන තිස්දෙදහසක මුදලක් ඡන්ද කොට්ඨාස 160 කට ලබාදුන්නා. අදින් ආරම්භ කරන මෙම වසරේ ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රම ලබන අගෝස්තු 31 වනදාට පෙර අවසන් කළ යුතු වනවා.
ගම්පෙරළිය හා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මෙම වසරේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට මැතිඇමතිවරුන් එක්සත් ජාතික පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සළසන යෝජනා ක්‍රම 21 ක් හදුන්වා දී තිබෙනවා. මෙම උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැතිඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් දැක්වූවා.
Post a Comment