සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝජි ඝාතනය සම්බන්ධ අවසන් වාර්තාව ළගදීම නිකුත් කරන බව ජගත් සංවිධානය පවසනවා.
ජගත් සංවිධානය පත් කළ විශේෂ නියෝජිතවරියක වන ඇග්නස් කෝල් මර්ඩ් මෙම පරික්‍ෂණ පවත්වා තිබෙනවා. පසුගිය සති කිහිපයක කාලය තුළ ඇය කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තුර්කියේදී එක්රැස්කරගත් තොරතුරු සියල්ල මත පදනම්ව මෙම වාර්තාව එළිදක්වන බවයි ජගත් සංවිධානය පවසන්නේ.
කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වූ පරික්‍ෂණවලට සෞදි අරාබිය සහාය ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඇමෙරිකා බුද්ධි අංශ වාර්තා සඳහන් කරන්නේ සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙම ඝාතනය සිදු කිරීමට නියෝග ලබා දුන් බවයි. ලෝක බලවතුන්ගේ සහාය ලබමින් පැවැත්වූ මෙම පරික්‍ෂණ වාර්තාවත් සමග සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතකයින්ට නිසි දඩුවම් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු තබා ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment