Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභිමානවත් ජාතික දින සැමරුම, හෙට ජනපති ප්‍රධානත්වයෙන්  

Add comments

අභිමානවත් 71 වැනි ජාතික දින සැමරුම් උළෙල ගාලු මුවදොර දී හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ආරක්ෂක අංශ පවත්වන ආචාර පෙළපාලි මෙන්ම ගුවන් හා නාවික සංදර්ශනවලින් සැමරුම් උළෙල වර්ණවත් වනවා. ශ්‍රී ලංකා යුද හමුදාව නිෂ්පාදනය කළ පළමු මිසයිලය හා පළමු මල්ටි බැරල් තුවක්කුව ප්‍රදර්ශනය කිරීමද මෙහි විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි මෙවර ජාතික දින උත්සවය පැවැත්වෙන්නේ. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සාමාජිකයන්  5848 දෙනෙකු ආචාර පෙළපාලි සදහා එක්වනු ඇති. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3872 දෙනෙකු ද ඒ අතර වනවා. ගුවන් හමුදාව  නියෝජනය කරමින් නිලධාරීන් 932 දෙනෙකු , නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 1044 දෙනෙකු ආචාර පෙළපාලි සදහා එක්වනු ඇති.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 920 දෙනෙකු ද ආචාර පෙළපාලි සදහා එක්වනවා. ජාතික දින සැමරුම් උළෙලේ විශේෂ පෙරහුරුවක් අද පැවැත්වුණා. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පැරෂුට් සන්දර්ශන , නාවික සහ ගුවන් යානා සන්දර්ශන පැවැත්වීමට ද නියමිතයි. අද පැවැති පෙරහුරුවට අමාත්‍ය වජිර අබේවර්ධන , ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්වුණා.

මේ අතර 71 වැනි ජාතික දිනය නිමිත්තෙන් සිරකරුවන් 545 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG