Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් විදිනය පළමු වරට ජාතික දින උළලේ ප‍්‍රදර්ශනයට  

Add comments

71 වන ජාතික දින සැමරුමේ ආචාර පෙළපාලිය ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව නිෂ්පාදනය කළ පළමු මිසයිලය හා පළමු මල්ටි බැරල් තුවක්කුව ප්‍රදර්ශනය කිරීමද මෙහි විශේෂත්වයක්.

ජාතික දිනය වෙනුවෙන් පැවැත්වූ ආචාර පෙළපාලිය සදහා පළමුව එක්ව සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. අනතුරුව අලංකාරවත් ගුවන් යානා සන්දර්ශන ද සමගින් ගුවන් හමුදා ආචාර පෙළපාලිය ගමන් කළා. නාවික හමුදාවේ ආචාර පෙළපාලිය නෞකා සන්දර්ශන සමගින් විචිත්‍රවත් ලෙස පැවැත්වුණා. ජාතික දිනය වෙනුවෙන් ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක බලකාය ද එක්ව සිටියා. ඒ පොලිස් අශ්වාරෝහක කණ්ඩායමේ ද සහභාගීත්වයෙන්. ත්‍රිවිධ හමුදාව සතු ප්‍රහාරක හා යාන්ත්‍රික රථ පෙළපාලියට එක්කලේ මහත් වූ අභිමානයක්. උඩරට, පහතරට හා සබරගමුව නර්තන සම්ප්‍රදායන්ට අයත් විවිධ නර්තනාංග රැසක් ද ආචාර පෙළපාලියට මනා අලංකාරයක් එක්කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG