Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දෙදෙනෙකු රඳවාගෙන ප‍්‍රශ්න කරයි  

Add comments

තිස්සමහාරාම මහින්දපුර ප්‍රදේශයේදී හෙරොයින් පැකට් 225 ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු  රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික් වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු තිස්සමහාරාම  මහින්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවක්. අනිත් සැකකරු කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මත්ද්‍රව්‍ය සොයාගැනීමට පුහුණු කරන ලද පොලිස් නිල සුනඛ ජේක් විසින් මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබ තිබෙනවා.  මෙහි ප්‍රධාන ජාවාරම්කරු ලග තිබී හෙරොයින් මලු 180 ක් සෙයා ගැනුනා. නිල සුනඛයා යොදවා ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ස්ථාන කිහිපයක තිබී තවත් හෙරොයින් මලු සොයාගැනීමට හැකි වූ බවයි තිස්සමහාරාම පොලිසීය පවසන්නේ. එසේම මෙය  තිස්සමහාරාමයෙන් හමුවූ විශාලතම හෙරොයින් තොගය බවද පොලීසිය සදහන් කරනවා.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG