රේගු අර්බුදය විසදීමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී එස් එම් චාල්ස් මහත්මිය අතර එම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉවත් කර ඇයට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මෙම සාකච්ඡාවෙන් විසදුම් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 30 වනදා සිට ක්‍රියාත්මකව පවතිනවා.
Post a Comment