මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී මියගිය යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහයන් සිය නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා.
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්‍ෂයට පත් වූ මොවුන්ගේ දේහයන් දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ පස්වරුවේයි. කටුනායක ගුවන් තොටුපොළේදී එම දේහයන් භාරගත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කර විශේෂ ගුවන් යානයකින් දේහයන් රැගෙන ආ අවස්ථාවේ විශේෂ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණා. පාබල රෙජිමේන්තුවේ සැරයන් සමන් විජේකුමාර මහතාගේ දේහය පොල්පිතිගම රාව ඇළ ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත රැගෙන එනු ලැබුවා. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන සමන් කුමාර දෙවතාවක් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව සේවය කර තිබෙනවා. පූර්ණ ගෞරව සහිතව ලබන 7 වනදා දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
සාමසාධක මෙහෙයුම්වලදී මියගිය යුද හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් දිනේෂ් ජයවික්‍රම මහතාගේ දේහයද පොළොන්නරුවේ සිය නිවෙස වෙත අද දිනයේ රැගෙන යාමට නියමිතයි.
Post a Comment