රටේ සංවර්ධනයට ශක්තියක් ගෙන දෙන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා. බියගම නිදහස් වෙළෙඳ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
බියගම නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් කටයුතු කළා. නිලධාරීන් හා සේවක සේවිකාවන් හමුවී අදහස් හුවමාරුකර ගැනීමටයි මෙහිදී කටයුතු කෙරුණේ.
Post a Comment