පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 20 වනදා දක්වායි.
සිද්ධියට අදාළ දුරකතන වාර්තාවල විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික නිලධාරීන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගත් බවද ප්‍රකාශ කෙරුණා. සැකකරුවන් කප්පම් ලබා ගත් බව කියන දුරකතන සංවාද සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන සිදු කරන බවයි රහස් පොලීසිය තවදුරටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර කෝටිපති ව්‍යාපාරියෙකු වූ මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ අභියාචන පෙත්සම් මාර්තු 12 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණ දඩුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හය දෙනෙකුයි එම පෙත්සම ගොනු කර ඇත්තේ. මෙම නඩුවට අදාළ මහාධිකරණ නඩු විභාගයේ ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එය පිළිවෙළට අංකනය වී ඇත්දැයි සොයා බැලීම මාර්තු 12 වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර වාස් ගුණවර්ධනට එරෙහි නඩුවක ලේඛන ලබා ගැනීමට මහර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට මී ළග දින අධිකරණයේ පෙනි සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
Post a Comment