නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක යන්ත්‍රයක කොටසක් කඩා වැටීමෙන් දැරියක බරපතල තුවාල ලැබුවා. ඇයගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි ළමා උද්‍යානයක පිහිටි යන්ත්‍රයක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබුවේ 13න් හැවිරිදි දැරියකයි. එය යන්ත්‍රය වේගයෙන් ධාවනය වන අවස්ථාවේ එහි අසුනක් ගැලවී විසිවී යාමෙන් අනතුර සිදුව තිබෙනවා. එම අසුන්වල තිබිය යුතු බදපටි පවා අබලන් තත්ත්වයේ පවතින බවයි වාර්තා වුණේ. බරපතල තුවාල ලැබූ දැරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට මාරු කර යැවුණා. මෙම අනතුරට මුහුණ දුන්නේ ඒකල සියඹලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ දියණියකයි.
Post a Comment