අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ අවසන් කටයුතු හෙට(31) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.
දිවංගත කරුණාරත්න අබේසේකර මහතාගේ සොයුරෙකු වූ දයා අබේසේකර මහතා මිය යන විය 80 වන වියෙහි පසුවුණා. සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්ත්ගේ ළමා කාලය නිරූපණය කළ දයා අබේසේකර ස්වාධීන රූපවාහිනියේ රූපීස් ඇන්ඩ් සෙන්ට්ස් වැඩසටහන ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවේදකයෙකු වුණා.
දේහය අද (30) රාත්‍රී හතට ජයරත්න මල් ශාලාවට රැගෙන එන අතර අවසන් කටයුතු හෙට (31) සවස හතරයි තිහට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
Post a Comment