ඇල්ජීරියාවේ නගර රැසක එරට ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස ඉල්ලමින් දසදහස් ගණනක් වීථි බැස උද්ඝෝෂණවල නිරතවනවා.
ඇල්ජීරියාවේ , ඇල්ජීරියා අගනුවර මිලියනයකට අධික පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය එරට රජයට එරෙහිව ක්‍රියාත්මක කෙරෙනු හයවන විශාලතම උද්ඝෝෂණය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
වසර ගණනාවක් තිස්සේ ඇල්ජීරියාව පාලනය කරන ජනාධිපති අබ්දෙලාසීස් බූට්ෆ්ලිකාගේ පාලනයට එරෙහිව එරට ජනතාව දිගින් දිගටම උද්ඝෝෂණ සිදුකළා. මෙම උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සදහා පොලීසිය කදුලුගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව සදහන්.
Post a Comment