ගාසා තීරයේ විරෝධතාකරුවන් සිය පළමු සංවත්සරය සැමරීමට එක්ව සිටිනවා. පලස්තීනුවන් දහස් ගණනක් සංවත්සර සැමරුම සඳහා ගාසා තීරයට එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඊශ‍්‍රායල හමුදා විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප‍්‍රහාර ද එල්ල කර තිබෙනවා. සංවත්සර විරෝධතාව අතරතුරදී තුන් දෙනෙකු මියගොස් තවත් 207 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
1948 දී ඊශ‍්‍රායල රජයක් පිහිටුවීමට පලස්තීන පවුල් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රචණ්ඩ ලෙස නෙරපා හැරීමට කටයුතු කර තිබෙනවා. එහත් ඔවුන් මුල් ඉඩම්වල අයිතිය ඉල්ලමින් වසර 12 ක් ගාසා තීරයේ රැඳීසිටින බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ. මියයාමට සිදුවූවත් භූමියේ අයිතිය අත් නොහරින බව හතළිස් දහසක් පමණවූ විරෝධතාකරුවන් ප‍්‍රකාශ කර තිබෙනවා.
Post a Comment