ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානී ඉම්රාන්ගෙන් මාස තුනක් රදවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ අපරාධ පරික්ෂණ කොට්ඨාසයට අධිකරණය අවසර ලබාදුන්නා. ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරින්ජනා ද සිල්වා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කංජිපානී ඉම්රාන් රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාදෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මේ අතර කංජිපානී සමග මෙරටට පිටුවහල් කළ අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා ලබන දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන්ම අමිල සම්පත් භෙවත් රොටුඹ අමිල ද ලබන දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
Post a Comment