ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ සාක්ෂි විභාග කිරීම් ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට අවසර ලබා දී තිබෙනවා.
ලබන මස පළමුවනදා සිට සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව සලසා ඇති බවයි ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව පවසන්නේ.
2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපතිතුමා මෙම කොමිසම පත්කරනු ලැබුවා. ඊට පැමිණිලි භාර ගැනීම පසුගිය 19 වනදායින් අවසන් වූ අතර පැමිණිලි 1142ක් ලැබී ඇති බවයි ජනාධිපති පරික්ෂණ කොමිසම පවසන්නේ.
Post a Comment