Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් කෘෂි ශීතාගාර සංකීර්ණ තුනක් ඉදිකිරිමට සැලසුම්  

Add comments

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ශීතාගාර සංකීර්ණයේ  ඉදිකිරීම් අද (30) ආරම්භ වුණා. ඒ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දිය රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් සහ ශ්‍රී ලංකා රජය මගින් රුපියල් මිලියන 200 ක් මෙම ව්‍යාපෘතිය සදහා වෙන්කර තිබෙනවා. අතිරික්ත එළවළු සහ පළතුරු මෙට්‍රික් ටොන් 5000 ක් ගබඩා කිරීමේ හැකියාව මෙහි පවතිනවා. මෙම වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම අපේක්ෂාවයි.

අතිරික්ත අස්වැන්න විනාශවීමට ඉඩ නොදී කල් තබා ගැනීමට මෙම ශීතාගාර සංකීර්ණය හරහා හැකියාව ලැබෙනවා. කැප්පටිපොල යාපනය සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලද මෙවැනි ශීතාගාර ඉදිකිරීමටද සැළසුම් කර තිබෙනවා. මේ වන විට මෙරට නිෂ්පාදනය කරන එළවළු වලින් සැළකිය යුතු ප්‍රමානයක් ප්‍රයෝජනයට නොගෙන අපතේ යන බවයි අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ.

ගොවින ජනතාව,

ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සිල්පා කපෙල් අම්බුලේ,  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG