ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තයේ සිසුන් 19 දෙනෙකු සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වැඩි වශයෙන් සැලකිල්ලට ගනු ලබන අතරමැදි විභාගවල ප්‍රතිඵල හේතුවෙන් මෙලෙස සිසුන් සියදිවි හානි කරගන්නා බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. අප්‍රේල් මැද භාගයේ සිට මේ දක්වා සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස සිසුන් සියදිවි හානි කරගැනිම හේතුවෙන් තෙලගනා ප්‍රාන්තයේ දෙමව්පියන් විරෝධතාවක් ද ආරම්භ කර තිබෙනවා. ඉන්දීයාවේ අධ්‍යාපන ක්රමයේ පවතින දුර්වලතාවයන් හේතුවෙන් දරුවන් දැඩි පීඩනයකට ලක් වන බවයි අධ්‍යාපන විශේෂඥයින් සදහන් කරන්නේ. සෑම වසරකම ඉන්දීයාවේ තරුණ දරුවන් මේ හේතුවෙන් දහසක් සියදිවි හානි කරගන්නවා.
Post a Comment