Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය නගර භූමිය විශේෂ කලාපයක්  

Add comments

වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඉහළ වටිනාකමකින් යුත් විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සදහා වරාය නගර භූමිය නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව හෙක්ටාර 269 ක භූමියක් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට එක් වනවා. මාර්ග හා පොදු ස්ථානවලින් සමන්විත හෙක්ටාර 91 ක් තුළ කිලෝමීටර් දෙකක දිගින් යුත් වෙරළක් ප්‍රධාන උද්‍යානයක් ඉදි කෙරෙනවා. වසරේ ඕනෑම කාලයක පිහිනීම හා ජල ක්‍රීඩා කීරිම සදහා යෝග්‍ය මුහුදු තීරයක් හා නගරය හරහා දිවෙන මීටර් 70 ක පළලකින් යුත් ඇළ මාර්ගයක් ද ස්ථාපනය කෙරෙනු ඇති.

අවන්හල් හා විනෝදවීමේ පහසුකම් සහිත නිකේතන වරායක්,  විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර අධ්‍යාපන, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා හා සම්මන්ත්‍රණ ශාලාවකින් ද මෙම ප්‍රදේශය සමන්විත වනු ඇති. අනාගතයේදී ජාතික ආර්ථිකයට සුවිසල් දායකත්වයක් ලබාදීමට නියමිත කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ සදහා මෙන්ම මෙම ප්‍රදේශය කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම සදහා අවශ්‍ය බලතල සහිත දේපළ කළමනාකරණ සමාගමක් ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මේ අතර කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සදහා ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක්ෆෝට් සිටි කලම්බු පෞද්ගලික සමාගම අතරයි එම ගිවිසුමට අත්සන් තැබෙන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG