මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස සහතික නිකුත් කළ රෙජිස්ටාර් කාර්යාලයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.
මෙහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්. නිවසේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ උප්පැන්න සහතික 25 ක් විවාහ සහතික 35 ක් මරණ සහතිකයක් සහ නිල මුද්‍රා 10 ක් සහ සහතික සකස් කිරීමට භාවිත කරන හිස් පිටපත් විශාල ප්‍රමාණයක් සොයා ගැණුනා.
සැකකරු මුදල් අමාත්‍යාංශයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන්නෙකු බවයි වාර්තා වන්නේ. ඔහු මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර අද (04) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment