Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභයට යාපනය අධිකරණයෙන් සිතාසි  

Add comments

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් වූ නඩුවක සාක්‍ෂි ලබා දීම සඳහා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කර ඇති හෙබයාස්කෝප් පෙත්සමක් සම්බන්ධයෙන් සාක්‍ෂි ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අද(03) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

එහෙත් ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියාසිටියේ රටේ පවත්නා ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අද(03) දිනයේ අධිකරණයේ පෙනී සිටීම අපහසු බවයි. ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG