අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මෙම ත්‍රස්තවාදය සඳහා අනුබල දෙන පිරිස පිළිබඳ තොරතුරු දන්නේ නම් ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ අද(03) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
සියොන් දේවස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණය කරමින් සිදුව ඇති විනාශය පිළිබඳ සොයා බැලුවා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පූජකතුමන් සමග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යවරයා මෙම දේවස්ථානයට පැමිණෙන විටත් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එම පිරිස සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළා.
බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක් ද සිදුකෙරුණා. මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක් ද තුවාල ලැබූ අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදල් ද පිරිනැමුණා. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය නැති කිරීමට සියලු පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රින්ස් පියතුමා, මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන් වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුලු ආගමික නායකයින් ද මැතිඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment