උසස් හමුදා නිලධාරීන්ගේ නිල මුද‍්‍රා තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ අනුව මොහොමඩ් මන්සූර් මොහොමඩ් රිස්ලි නමැති සැකකරු රුපියල් ලක්ෂග දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික්රදම මහත්මිය නියෝග කළේ. මෝදර පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුගේ නිවස පරික්ෂා කළ අවස්ථාවේදී මෙම නිල මුද‍්‍රාද සොයාගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ පරික්ෂණ ප‍්‍රගතිය ලබන 27 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි අතිරේක මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළේ.
Post a Comment