ඕස්ට්‍රේලියාවේ 46 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ෆෙඩරල් මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ වී තිබෙනවා.
ඕස්ට්‍රේලියා කම්කරු පක්ෂය ඔවුන්ගේ ඡන්ද ප්රචාරක කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කළේ නව රැකියා සහ ඕස්ට්‍රේලියාවේ දැනට පවතින සෞඛ්‍ය ගැටලු විසඳීමට තමන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන බවයි. ෆෙඩරල් මැතිවරණය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඕස්ට්‍රේලියා විපක්ෂය නියෝජනය කරන කම්කරු පක්ෂය පවසන්නේ එරට පවතින බදු ක්‍රමය නිවැරදි කළ යුතු බවයි. එසේම සියලු දෙනාට රැකියා කර මුදල් ඉපැයීමේ අයිතියක් ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.
Post a Comment