පොලිස් අණ නොතැකූ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කළා.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් පාසල් සිසුන් ඇතුලු පොදු මහජනතාව දැඩි අසීරුතාවට පත්වුණා. විරෝධතාකරුවන් ලේක්හවුස් වටරවුම අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමේදී එය වැළැක්වීමට පොලීසිය හා කැරලි මර්දන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වුණා.අවසානයේ පිරිස විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කෙරුණා.
The post කඳුළු ගෑස්වලින් විසිරුණු පෙළපාලිය appeared first on ITN News.
Post a Comment