Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

5 වසර ශිෂ්‍යත්ව විභාගය අද  

Add comments

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ආරම්භ වනවා. විභාගය අද මධ්‍යස්ථාන 2995 කදී පැවැත්වෙනවා. අයැදුම්කරුවන් තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නව දෙනෙකු ඊට ඉදිරිපත්වීමට නියමිතයි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497 ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

විභාග අපේක්ෂකයන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් නිකුත් කර තිබේ.

පෙරවරු නවය වනවිට අපේක්ෂකයන් ශාලාවේ අසුන් ගතයුතුය. ඒ අනුව විභාග අංකය පැළදිය යුතු වන්නේ ඇදුමේ වම් පස ස්ථානයක ය.

පිළිතුරු සැපයිම සඳහා පැන්සල, කළු හෝ නිල් පෑන් භාවිත කිරිමේ හැකියාව පවති. සෑම ප්‍රශ්න පත්‍රයකම නිවැරදිව විභාග අංකය ලිවිය යුතුය.

The post 5 වසර ශිෂ්‍යත්ව විභාගය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG