Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබා දීමේ වැඩපිළිවෙලක්  

Add comments

ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන මාසය වන විට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අස්ගිරි මල්වතු  පාර්ශ්වවල මහ නායක ස්වාමීන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යය වෙත  අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.

අමාත්‍ය රවී කරුණානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරතවුණා. දළදා මාලිගාවේ විදුලි උත්පාදන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු විදුලිබල මණ්ඩලයෙන් සිදු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීමට ද අමාත්‍යවරයා කටයුතු කළා. ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා මල්වතු මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අස්ගිරි මහ නාහිමි අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැදැකීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. එහිදී උන්වහන්සේ කූරගල විහාරස්ථානය සදහා විදුලිබලය ලබා දීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයාට සිහිපත් කළා.

The post ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබා දීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG