Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි  

Add comments

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හෙට සිට ලබන 31 වෙනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේ.දිවයිනේ මධ්‍යස්ථාන 2678 කදී අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් හත් දහස් හත්සිය හතර දෙනෙකු මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වනවා.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වුණා. විභාග මධ්‍යස්ථාන 2995 කදී අපේක්ෂකයන් තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නව දෙනෙකු පෙනීසිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අගෝස්තු 15 වෙනිදා සිට පිළිතුරු පත‍්‍ර ඇගයීම ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේ.

The post උසස් පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG