යුද සමයේ ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවලට සංක්‍රමණය වූ දෙමළ ජනතාව නැවත ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුන් ජීවත්වූ ප්‍ර දේශවල පදිංචිකරවීම සදහා ඕස්ට්‍රේලියා ඩොලර් මිලියන 6.5ක මුදලක් ලබා දීමට ජාත්‍යන්තර සංක්‍රමණිකයින් පිළිබද සංවිධානය එකඟත්වය පළකළා.
යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව විශාල වශයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වුණා. ඔවුන් යළි අදාළ ගම්බිම්වල පදිංචි කරවීම සැලසුමයි. ජාත්‍යන්තර සංක්‍රමණිකයින් පිළිබද සංවිධානයේ ප්‍රධානී සාර්ට් ඩෑෂ් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා හමුවූ අවස්ථාවේදී මෙසේ අරමුදල් ලබා දෙන බව ප්‍රකාශ කළේ. වෙනත් රටවල සංක්‍රමණිකයින් ලෙස ජීවත්වන ශ්‍රී ලාංකිකයින් එම තත්ත්වයෙන් නිදහස් කළ යුතු බවද ඩෑෂ් මහතා කියා සිටියා.
The post සංක්‍රමණය වූ දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ යළි පදිංචිකරවීම සඳහා ඕ.ඩො. මිලියන 6.5ක මුදලක් ලබාදීමට එකඟත්වය appeared first on ITN News.
Post a Comment