Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස්පෙළ විභාගයට පෙනී සිටින බැවින් අධිකරණයට නොගිය රන්ජන්  

Add comments

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම හෙට දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට අපහාසයක් සිදු  කර ඇතැයි යන්න ඔහුට එරෙහි චෝදනාවයි.

මෙම නඩුවට අදාළ විනිසුරුවරයෙකු වෙනත් නඩු කටයුත්තක නිරතවන බැවිනුයි එය හෙට දිනට කල් තැබීමට තීරණය කෙරුණේ. මේ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු හෙට දින සාක්ෂි ලබා දීමට නියමිතයි. රන්ජන් රාමනායක මහතා අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින බැවින් අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ.

The post උසස්පෙළ විභාගයට පෙනී සිටින බැවින් අධිකරණයට නොගිය රන්ජන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG