Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත‍්‍රික් සමාලෝචන රැස්වීම පෙරවරුවේ  

Add comments

රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ දිවුලපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදීයි. පසුගිය දින හත පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරුණා. අද පැවැත්වෙන සමාප්ති උත්සවයට අමාත්‍යංශ ප‍්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. ක‍්‍රියාත්මක කළ වැඩසටහන්වල සමස්ථ ප‍්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි එහි සිටින අප නියෝජිත ඉන්දික තුෂාර සඳහන් කළේ.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන පසුගිය මාර්තු 18 වනදායි ආරම්භ වුණේ. මේ වනවිට දිස්ත‍්‍රික් හයක එය ක‍්‍රියාත්මක කර තිබෙනවා. හත් වන වැඩසටහන යාපනය දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

The post රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත‍්‍රික් සමාලෝචන රැස්වීම පෙරවරුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG