දේශපාලන පක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කළ පසු එම පක්ෂවල ප්‍රතිපත්ති සළකා බලා තම පක්ෂය සහාය දක්වන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ පැවති ඉලංගේ තමිල් අරුසුකච්චි මධ්‍යම කාරක සභාවෙදී ඒ මහතා මේ බව කියා සිටියා.
(ජනාධිපති මැතිවරණ අපේක්ෂකයා පිලිබද දේශපාලන පක්ෂ ඔවුන්ගේ තීරණ ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කරලා තියෙනවා. දේශපාලන පක්ෂ ඔවුන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් කළ පසුව එම පක්ෂවල ප්‍රතිපත්ති පිලිබද සළකා බලා අපේ තීරණය අපි ගන්නවා. අපේ ජනතාව ඒ අවස්ථාවේදී අපිත් එක්ක ඉදියි කියලා අපි විශ්වාස කරනවා.)
The post දෙමළ ජාතික සන්ධානයේ සහය කාටද ? appeared first on ITN News.
Post a Comment