Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුහුණට නවෝදයක්  

Add comments

වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ ප්‍රදර්ශනාත්මක සංවර්ධනයක් නොව ජනතාවගේ අතට මුදල් ලැබෙන ව්‍යාපෘති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කතරගම ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදුකෙරුණා. අබලන් ගොඩනැගිල්ලකයි කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගියේ. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම පරණතිස්ස ස්වාමීන්වහන්සේ ද අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන,  රංජිත් මද්දුමබණ්ඩාර,  නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය ද අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම,  බඩල්කුඹුර,  මැදගම හා සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගොඩනැගිලි ඉදිකිරීමට රජය රුපියල් කෝටි 20 ක් වැය කරනවා. ඉඩම් හිමිකම් ඔප්පු,  සමෘද්ධි මෙන්ම රජයේ සේවකයින් සඳහා විවිධ ප්‍රදානයන් ද මෙහිදී සිදුකෙරුණා.

 

The post රුහුණට නවෝදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG