Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩුවෙල මංසන්ධිය සහ වෙලේ හංදිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමාකෙරේ  

Add comments

අද පෙරවරු 11 සිට පස්වරු 1.30 දක්වා කඩුවෙල මංසන්ධිය සහ වෙලේ හංදිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙනවා. ඒ කඩුවෙල පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන්.

එම කාලය තුළ හංවැල්ල කොළඹ මාර්ගයේ පැමිණෙන වාහන කඩුවෙල මංසන්ධියෙන් දකුණට හරවා මාලඹේ අතුරුගිරිය හරහා කඩුවෙල මාර්ගයේ වෙලේ හංදිය දක්වා පැමිණ හංවැල්ල දෙසට ගමන් කළ හැකියි. හංවැල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන කඩුවෙල වෙලේ හංදියෙන් වමට හරවා අතුරුගිරිය දක්වා ගමන් කර දකුණට හරවා මාලඹේ හරහා කඩුවෙලට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය සඳහන් කරන්නේ.

The post කඩුවෙල මංසන්ධිය සහ වෙලේ හංදිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමාකෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG