Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍යයෙන් පිරිපුන් රටක් වෙනුවෙන් කැප විය යුතු බව ජනපති පවසයි  

Add comments

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙසෙන රටක් බිහිකිරීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළකළා.

තරගකාරී ජීවන රටාවකට හුරු වූ ජනතාවකට පහසුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා ගැනීමේ අවස්ථාව ලබාදෙමින් විවෘත කෙරුණු හෙළ බොජුන්හල සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 14 ක්. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේයි එය ඉදිකෙරුණේ. හෙළ බොජුන්හල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. කෘෂිකර්මය පිළිබද සම්පාදනය කෙරුණු ග්‍රන්ථ දෙකක්ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වුණා.

එමෙන්ම පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභින් වෙත කෘෂිකර්ම උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මැතිඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. ඇලහැර,  බකමූණ නගරයේ ඉදිකෙරුණු හෙළ බොජුන්හල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.

පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඇලහැර වෙලන්කටුව ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සඝ සතු කෙරුනා.  විහාරාධිපති පූජ්‍ය දොඹවෙල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි මෙම සංඝාවාසය ඉදි කෙරුණේ. වයාපෘතිය සදහා රුපියල් මිලියන තුනයි දශම හතරක මුදලක් වැය කර තිබෙනවා. සියලු ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවයි.

කෝට්ටපිටිය ශ්‍රී බුද්ධගයා ප්‍රභාෂ්වර පිරිවෙනෙහි ඉදිකෙරුණු අංගසම්පූර්ණ නව සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතුකොට පූජා කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්වුණා. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 10 කට ආසන්නයි. මහවැලි කලාපයට අයත් විහාරස්ථාන තුනක් වෙත පූජා ඔප්පු ප්‍රදානය කිරීමට ද මෙහිදී කටයුතු කෙරුණා.

The post සෞඛ්‍යයෙන් පිරිපුන් රටක් වෙනුවෙන් කැප විය යුතු බව ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG