Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

අක්මීමන ගනේගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සොයා ගැණුනා. ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගැණුනේ.

මේ අතර බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් වැටලීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වුණා. සුරාබදු කොමසාරිස් ජනරාල් එච් ජී සුමනසිංහ මහතාගේ උපදෙස් මතයි මෙම වැටලීම සිදුකෙරුණේ. කෘතිම රා ලීටර් පහළොස්දහසක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි වැටලීම් කළ නිලධාරීන් සඳහන් කළේ.

The post හෙරොයින් සමඟ සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG