Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි ශීතාගාර පහසුකම්  

Add comments

සෑම දිස්ත්‍රික්කයකම කෘෂි ශීතාගාර පහසුකම් ඇතිකරමින් ගොවි ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට ලුණුගම් වෙහෙර සිල්සුවද ගම සහ සිය මිතුරුගම යන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නිවාස 85කින් සමන්විත මෙම උදාගම්මාන දෙක ඉදිකිරීම සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 795ක්.

නිවාස ලාභීන් 85 දෙනා වෙනුවෙන් නිවාස හිමිකම්පත් ප්‍රදානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 85ක හිමිකම නොමිලේ ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා. දෘශ්‍යාබාධිත පුද්ගලයින් සිය දෙනෙකු සදහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම මෙන්ම ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 462නෙකු වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ අතින්.

 

The post සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි ශීතාගාර පහසුකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG