Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ පැමිණිලි භාරගැනීම් හෙට සිට  

Add comments

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 13 වෙනිදාට පෙර යොමු කරන ලෙස මැතිවරණ කොමිසම යළි දැනුම් දෙනවා.

ලබන 11 වෙනිදායි මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ සඳහා වන මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර අවසන්. ඊට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත හැකි ඉක්මණින් ලැබීමට සලස්වන ලෙසයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ.

මේ අතර මැතිවරණයට අදාළ පැමිණිලි භාරගැනීමේ කටයුතු හෙට (09) සිට ආරම්භ කරන බව ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා. මැතිවරණයට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර අවසන් බවයි ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා පවසන්නේ.

මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ සමඟ ඉදිරි සතිය තුළ විශේෂ සාකච්ඡා සිදුකරන බවයි සෝමරත්න විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළේ.

The post ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ පැමිණිලි භාරගැනීම් හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG