Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අධිකරණයට  

Add comments

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ බෙ‍්‍රක්සිට් කි‍්‍රයාවලියට එරෙහිව අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමට එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සූදානම් වනවා.

ගිවිසුමකින් තොරවම යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පවතින සූදානමට දැඩි විරෝධය පළකරන බවයි ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පවසන්නේ. බෙ‍්‍රක්සිට් ගණුදෙණුව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මතුව ඇති තත්වයට විරෝධය පළකරමින් කන්සර්වේටිව් පක්ෂ මන්තී‍්‍රවරුන් ඉල්ලා අස්වීමේ සූදානමක් ද පවතිනවා.

අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සහෝදරයාවූ ජෝ ජොන්සන් ද පසුගියදා ඉල්ලා අස්වුණා. ඒ ජාතික අවශ්‍යතා සහ ඥාතීත්වය අතර ඇති විය හැකි ගැටුම වළක්වා ගැනීමට බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

බි‍්‍රතාන්‍ය තුළ මතුව ඇති දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් ද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

The post බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අධිකරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG