Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ සංවර්ධනය ගැන ජනපතිගේ අදහස  

Add comments

මහවැලි ගඟ ගලන්නා සේ රටේ සංවර්ධනයත් මහවැලි ව්‍යාපාරයත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහවැලි ක්‍රීඩා සමාප්ති උලෙළට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

2019 මහවැලි ක්‍රීඩා උලෙළ මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගනයේදී ඊයේ සහ අද දිනයන්හිදී පැවැත්වුණා. 1986 වසරේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගනයෙන් ආරම්භ කෙරුණු මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වුණේ 31 වන වරටයි. තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීම සඳහා දායකත්වය ලබාදීම,ජවසම්පන්න තරුණ පරපුරක් රටට දායාද කිරීම මෙම ක්‍රීඩා උළෙලේ අරමුණු වනවා. මෙවර ක්‍රීඩා උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහසක් පමණ සහභාගි වුණා. ක්‍රීඩා උලෙළේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පිරිනැමුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්.

මේ අතර මහවැලි ඩී කලාපයේ නව නේවාසික ව්‍යාපාර කාර්යාලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මොරගහකන්ද කලුගඟ සංවර්ධන අරමුදල යටතේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් මෙය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 74 ක්. මහවැලි ඩී කලාපයේ ජනතාවට සියලු අවශ්‍යතා එකම ස්ථානයකින් ඉටුකර ගැනීමේ අවස්ථාව මේ තුළින් උදාවනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

The post රටේ සංවර්ධනය ගැන ජනපතිගේ අදහස appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG