රටේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව සිය රාජකාරිය ඉටු කළ යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රි ලංකා විද්‍යාත්මක සේවයේ නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි පිරිනමමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණියට නවක නිලධාරින් දහතුන් දෙනෙකු බදවා ගැනීමට කටයුතු කෙරුණා. ඔවුන් වෙත පත්වීම් ලිපි පිරිනැමුණේ අමාත්‍යවරයා අතින්.
පසුගිය වසරේ පැවැත් වූ තරග විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු මෙම පිරිස තෝරා ගැනුණා.
The post රටේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව රාජකාරිය ඉටු කළ යුතුයි appeared first on ITN News.
Post a Comment