වාණිජමය අරමුණු මූලික කරගත් සමාජයක් බිහිව ඇති බැවින් ගුණධර්ම පිරිහී ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
කතානායකවරයා මේ බව සදහන් කළේ අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින්. උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරයට පත් පූජ්‍ය නියංගොඩ සමිද්ධි මංගල ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර පිරිනැමීම සිදුකෙරුණේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය මහනුවර දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මහා සංඝයා වහන්සේ ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.
The post වාණිජමය අරමුණු මූලික කරගත් සමාජයක් බිහිව ඇති බැවින් ගුණධර්ම පිරිහිලා – කතානායක appeared first on ITN News.
Post a Comment