ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදි අරාබියේ සංචාරයක නිරතවනවා.
සෞදි අරාබියේ තෙල් ගබඩා දෙකකට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ඔහු එම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රහාරයෙන් අනතුරුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සෞදි බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.
මේ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාඩ් ෂරීෆ් අනතුරු අගවමින් කියා සිටියේ සෞදි අරාබියට එල්ලවූ මෙම ප්‍රහාරය ඉදිරියේදී රටවල් අතර යුද්ධයක් බවට පරිවර්තනය විය හැකි බවයි.
The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදි අරාබියේ සංචාරයක appeared first on ITN News.
Post a Comment