ඇමෙරිකාවේ සහ කැනඩාවේ කුරුළුගහනය වසර 50ක් තුළ බිලියන තුනකින් පහත වැටී තිබෙනවා.
උතුරු ඇමෙරිකාවේ පක්ෂීන්ගෙන් සියයට 29ක් වදවී ගොස් ඇති බවයි එරට විද්‍යාඥයින්ගේ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ.
මීට ප්‍රධාන හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පක්ෂීන්ගේ වාසස්ථාන අහිමිවීමයි. ඇතැම් දුර්ලභ කුරුළු විශේෂ මෙසේ වදවී යමින් පවතිනවා. ගොවිතැන් කටයුතු සදහා භාවිත කරන විවිධ කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය මගින් පක්ෂීන් ආහාරයට ගන්නා පළතුරු වර්ග එම සතුන්ට විෂ සහිත බවයි විද්‍යාඥයින් වැඩිදුරත් පෙන්වා දෙන්නේ.
The post පරිසර දූෂණය නිසා බිලියන ගණනින් ලොවට අහිමි වන කුරුලු සම්පත appeared first on ITN News.
Post a Comment